නවතම පුවත්

අතුරුදන් ඩෙන්මාර්ක් තරුණියගේ නිසල සිරුර කඳු පාමුලකින්

අසංක

අසංක

කඩුගන්නාව පොත්තපිටිය අලගලකන්ද නැගීමට ගොස් දින 04 තිස්සේ අතුරුදන්ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ සිරුර කන්ද පාමුල තිබී අද උදෑසන හමුවී ඇත.

KAREN MUNK නැමැති 32 හැවිරිදි මෙම සංචාරක කත මහනුවර අම්පිටිය පාරේ පිහිටි කාන්ඩ් බැක් පැකස් හෝටලයේ ජුලි 01 වෙනිදා සිට නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය කියයි.

ඇය පසුගිය 10 වෙනිදා උදෑසන 8.30ට හෝටලයෙන් පිටත්ව ගොස් ඇත්තේ කඩුගන්නාවට ගොස් අලගල කන්ද තරණය කිරීමට යන බව සඳහන් කරමිනි.

ඒ ගිය ඇය දින කිහිපයක් තිස්සේම නැවත හෝටලයට නොපැමිණි බැවින් ඒ ගැන හෝටල් හිමිකරු ඊයේ (13) සවස මහනුවර සංචාරක පොලිසියට පැමිණිලිකර ඇත.

ඒ අනුව අද උදෑසන පොලීසිය විසින් කල සෝදිසි මෙහෙයුමකදී ඇගේ සිරුර කන්ද පාමුල තිබී හමුවී තිබේ. මළ සිරුර තිබී ඇත්තේ මුනින් අතට වැටීය. අලගල්ල කදු මුදුනේ ඇති තවත් කන්දක් වන රූස්සගල නැගීමට ගොස් ඇය කන්දෙන් පහලට වැටී ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් සංචාරක හා නාවුක අංශයභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා