නවතම පුවත්

රට ගිය පොලිස් නිලධාරියාගෙන් සීඅයිඩී ‍ලොක්කෙකුට තර්ජන

අසංක

අසංක

නිවාඩු ලැබ විදෙස් රැකියාවක් සඳහා මෑතකදී පිටත්ව ගිය පොලිස් අධිකාරීවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට වට්ස්ඇප් මගින් තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙම තර්ජනය කිරීම ගැන කොටුව පොලීසියට පැමිණිලිකර ඇත්තේ ඊයේ උදෑසන කොටුව පොලිස් ස්ථානයට පැමිණය.

දමයන්ත නැමැති පොලිස් අධිකාරීවරයා විසින් තමාට වට්ස්ඇප් මගින් ඇමතුම් ගෙන පරුෂ වචනයෙන් බැන වැදී දරුවන් ඇතුළු පවුලේ අයට සාප කරමින් පළිගන්නා බවට තර්ජනය කරන බව එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කොටුව පොලීසියට පැමිණිලිකර ඇත.

මෙම පොලිස් අධිකාරීවරයා රටින් බැහැරයාමට පෙර සමීපරූප අවේක්ෂණ කොට්ඨාශයට (CCTV) අනුයුක්තව සේවයේ නිරතව සිටියෙක් බව පොලීසිය කියයි.

මෙම නිලධාරියා විසින් පරිහරණය කළ පුද්ගලික මෝටර් රථයට මාසික ඉන්ධන ප්‍රතිපාදනවලට යටත්ව නාරාහේන්පිට පිහිටි පොලිස් ඉන්ධන හලෙන් ඉන්ධන ලබාගැනීමේදී සිදුවී ඇති මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දීමක් කර ඇති බව ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් පවත්වා ඇති බවත් එය මුල්කරගෙන මෙම තර්ජන එල්ලවී ඇති බවත් මූලික විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා