නවතම පුවත්

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගුරුත්ව කුහරය ගැන රහස හෙළිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1,000ක් පමණ දකුණින් මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක් පවතින අතර ඒ සම්බන්ධව මුල්වරට විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සිදුකිරීමට ඉන්දිය විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

මෙම කලාපය හැඳින්වෙන්නේ ඉන්දියානු සාගර ගුරුත්වාකර්ෂණ කුහරය ලෙසය.

සාමාන්‍ය ගෝලීය ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව අඩු ගුරුත්වාකර්ෂණයක් පවතින මෙම කුහරය වර්ග කිලෝමීටර මිලියන 3 ක සාගර කලාපයක පැතිර පවතියි.

මේ කුහරය කලාපය තුළ මුහුදු මට්ටම පවතින්නේ, සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා මීටර් 106 ක් පහළිනි.

1948 දි නෙදර්ලන්ත භූ විද්‍යාඥයින් කණ්ඩායමක් පළමුවරට මෙම සොයාගැනීම සිදුකර තිබූ නමුත් එහි පවතින පීඩන තත්ත්වයට හේතුව මෙතෙක් පැහැදිලි කර නොතිබුණි.

බැංගලූරු හි පිහිටි ඉන්දීය විද්‍යා මධ්‍යස්ථාන නිකුත් කළ නවතම වාර්තාවක් මගින් වසර මිලියන 20 ක කාලයක් තිස්සේ මෙම කලාපයේ භූ තැටිවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඔවුන් නිගමනය කරන්නේ පෘථිවි අභ්‍යන්තරයෙන් පැන නගින ලාවා සහ ගිලී යමින් පවතින භූ තැටියක් එකිනෙක තෙරපීමෙන් මෙම කුහරය හටගෙන ඇති බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා