නවතම පුවත්

ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ලබාදීමට ඉන්දියාව සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන් හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය ක්‍රියාමාර්ග ලබාදීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙසද එම කමිටුව මගින් නිර්දේශ කර ඇත.

ඉන්දීය ලෝක් සභාවේ විදේශ කටයුතු කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ප්‍රතිපත්තියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

මෙම කමිටුව පෙන්වා දෙන්නේ 2021 වසරේදී ඉන්දියාව මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා වශයෙන් ඩොලර් මිලියන 142ක් ආයෝජන කර ඇති බවය.

එමෙන්ම අදාළ කමිටුව මගින් තවදුරටත් නිර්දේශ කර ඇත්තේ, මෙරට බලශක්ති විදුලිබල, වතු වැවිලි, වරාය සහ පුනර්ජනනීය බලශක්ති, ඛනිජ හා නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ඉන්දීය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම් සිය ආයෝජන පුළුල් කිරීමට සහ නව ව්‍යාපෘති ආයෝජන කිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවටය.

ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය මුදල අනුමත කරගැනීමට මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඉන්දියාවේ සහායවීම පාර්ලිමේන්තු විදේශ සේවා කමිටුවේ ප්‍රසාදයට ලක්වී තිබේ.

එමෙන්ම ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ සෙසු රටවල සහාය ලබාගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවද එම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉන්දියාව සමග පවතින සබඳතා වර්ධනය කරගැනීමට පියවර කිහිපයකින් යුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද පවසයි.

මෙවන් පසුබිමක දිවයිනට පැමිණි අදානි සමාගමේ නියෝජිතයින් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (26) පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජන පිළිබඳව සහ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සූර්ය පැනල ව්‍යාපෘතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මෙරට සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය මහතා ද එක්වී ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා