නවතම පුවත්

මන්ත්‍රීගේ පිස්තෝලය පත්තුවී ආරක්ෂකයාට වෙඩි

අසංක

අසංක

එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට අයත් බලපත්‍ර සහිත පුද්ගලික පිස්තෝලය පත්තුවීමෙන් ඔහුගේ කන්තලේ පිහිටි නිවසේ ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙම වෙඩිල්ල පත්තුවී ඇත්තේ ඊයේ (02) පෙරවරුවේදී ය.

වෙඩිල්ල පත්තුවී ඇත්තේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශයෙන් අනුයුක්තකර සිටින සැරයන්වරයෙකුගේ අතින් බව පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාට අයත් NP 22 වර්ගයේ අංක A12001568 දරණ බලපත්‍ර සහිත පිස්තෝලය සැරයන්වරයා විසින් පිරිසිදු කරමින් සිටියදී එය ක්‍රියාත්මක වීමෙන් පත්තු වූ වෙඩිල්ලක් මෙසේ සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකුට වැදී තිබෙන බවද කන්තලේ පොලීසිය කියයි.

මෙම වෙඩිල්ල පත්තුවන විට මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා හැරුණු කොට කන්තලේ පොලීසියෙන් සැරයන්වරයෙකු, ආරක්ෂක සහයකයෙකු සහ සිවිල් ආරක්ෂක බලකා සෙබලු දෙදෙනෙක් යොදවා සිට ඇත. වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ ඒ එක් සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකුය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි