නවතම පුවත්

පේරේ සරසවි සිසුවියක් අතුරුදන්

අසංක

අසංක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලීසියට ඊයෙ(02) පැමිණිල්ලක් ලැබී ඇත.

වවුනියාවේ පදිංචි 25 වියැති සිසුවියක් මෙසේ අතුරුදන්ව ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි.

මෙම සිසුවිය අතුරුදන්ව සිටින්නේ සතියක කාලයක් තිස්සේ බව පොලීසිය කියයි. ඇය නේවාසිකාගාරයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි.

විශ්වවිද්‍යලයේ පැවැත්වෙන විභාගයකට ඇය පෙනී නොසිටීම හේතුවෙන් ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කළ සොයා බැලීමකදී සිසුවිය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පොලීසියට පැමිණිලිකර තිබේ.

මෙම සිසුවිය ඇගේ නිවසටද මෙතෙක් ගොස් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිසුවිය මානසික පීඩනය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

මෙම සිසුවිය පේරාදෙණිය සරසවියේම සිසුවෙකුගෙන් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමට උත්සහයක නිරතව සිට ඇති බවත් සිසුවා ඊට සිය කැමැත්ත දක්වා නොමැති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එසේ එම සිසුවා ඇගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළද ඇය විසින් සිය මුහුණු පෙතේ පවා එම සිසුවා සිය පෙම්වතා බව සඳහන්කර තිබී ඇති බවත් පොලීසිය කියයි.

ඇය විසින් පරිහරණය කළ දුරකථන දත්ත ඔස්සේ ඇයව සොයා ගැනීමට උත්සහා ගන්නා බව පේරාදෙණිය පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි