නවතම පුවත්

රතු කුරුසය නඩු මගට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කීර්ති නාමයට හානිකරමින් , එම සමාජයේ හිටපු නිලධාරීන් පිරිසක් විසින් විවිධ මාධ්‍යයන් වෙත සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව අධිකරණය හමුවට යාමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත .

අද (07) සවස පැවැති ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දා පැවති නිලවරණයේදී තනතුරු අහිමි වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හිටපු ජාතික ලේකම් හා හිටපු මුදල් කොමිසමේ සභාපති යන දෙදෙනා ඇතුළු කංඩායම පසුගිය දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ රතු කුරුස සමාජය තුළ බරපතළ මුදල් අවභාවිතාවන් සිදුවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

ඒ පිළිබද අද පැවති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇත.

මෙම ප්‍රකාශයන් තුළින් මෙරට ජන සමාජයට වසර අසූවකට ආසන්න කාලයක් පුරා විශාල සේවයක් සිදු කළ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කීර්තිනාමයට හානියක් සිදුවන බව එහිදී අධ්‍යක්‍ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත .

ඒ අනුව එම ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව අධිකරණයට යාමටද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තීරණය කර ඇත .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි