නාවල් අඩි කලපුවේ සිට “ටික්ටොක්“ වීඩියෝවක් රූගතකරමින් සිටි තරුණයින් 06 දෙනෙක් රැගත් ඔරුවක කොල්ලෑව කැඩී ඔරුව පෙරලීමෙන් දියේ ගිලි තරුණයින් දෙදෙනෙක් ඊයේ (08) සවස මියගොස් ඇතැයි කාත්තන්කුඩි පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව, මාමන්ගම, ආනන්දපුරම් හී පදිංචිකරුවෙක් වන කේ. තිරුජන් (18) නැමැති අය සහ මඩලකපුව , බාවිත්තර පාර, ශිලාමුනේ පදිංචිකරුවෙක් වන ටී. කිරුෂාන් (19) නැමැති දෙදෙනාය.
මෙහිදී සිව් දෙනෙක් පිහිනා ගොඩබිමට ගොස් දිවි බේරාගෙන ඇති බව පොලීසිය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ නාවල් අඩි කලපුවේ ඊස්ට් ලැගුම් හෝටලය පිටුපස කොටසේ බව පොලීසිය කියයි.