නවතම පුවත්

ඊශ්‍රායලයේ විපතට පත් ලාංකිකයන් වෙනුවෙන් ජනපති නියෝගයක්

අසංක

අසංක

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා ඇත.

ඒ අනුව, සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: [email protected] හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකිය.

ඊශ්‍රායාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව +94716640560 අංකය ඔස්සේ වට්සැප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බව එම කාර්යංශය කියයි.

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් 8000ක් පමණ සේවය කරන අතර ඉන් 90% ක් සාත්තු සේවා සැපයීම්වල නිරත වේ.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලංකිකයෙන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා