නවතම පුවත්

සී.ඩී. තවදුරටත් පොලිස්පති

අසංක

අසංක

පොලිස්පතිවරයා ලෙස C.D වික්‍රමරත්න මහතාට තෙවැනි වරටත්, යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.

විශ්‍රාම යාමෙන් අනතුරුව ද සේවා දිගුවක් ලබාදීමෙන් පසු ඔහු මේ දක්වා පොලිස්පති ධුරයේ කටයුතු කළේය.

පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි. ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය.

දෙවනුව ද ඔහුට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය 09 වනදා අවසන් විය. ඒ අනුව එදා සිට අද(13) දක්වා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.

කෙසේවෙතත් තවමත් පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට අද යළි සේවා දිගුවක් අනුමත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා