නවතම පුවත්

IMF, ලංකාව ගැන දුක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැටුප් අඩුවීම්, ජීවන වියදම ඉහළ යාම ආදී කරුණු හේතු කොට ගෙන ශ්‍රී ලංකා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාවන් තමන් අවබෝධ කර ගෙන ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ අනුකම්පාසහගත වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මොරොක්කෝවේ මරකේෂ් නුවර පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් අතරවාරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මේ බව කියා සිටියේය.

ඉන්ධන මිල ඉහළ යාම, විදුලිබල ගාස්තු වැඩිවීම් වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාව දුෂ්කරතාවයට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සිරිනිවාසන් මහතා මේ බව පැවසීය.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකි බවත්, පොදුවේ ගත් කල රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව නිරත වැඩසටහනේ කොටසක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“අපිට තියෙනවා පිරිවැය ප්‍රතිසාධිත මිල නිරූපිත යාන්ත්‍රණයක්. එසේ නොවුවහොත් විදුලිබල අංශය යළිත් අලාභ ලබන තත්ත්වයකට පත්වේවි. නැවත වරක් එය මහජන ගැටළුවක් වෙනවා“, යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මෙහිදී සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා