නවතම පුවත්

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , හෙට (18) දින මෙරටට පැමිණීමට නියමිතය .

මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත .

ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලය මේ වනවිට ලොව පුරා සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන දැවැන්ත සංවිධානයක් වන අතර , එය ගෝලීය වශයෙන් දැනට ක්‍රියාත්මක ලොව විශාලතම සහ බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙසද සැලකේ .

මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza)

ඒ අනුව එම සංවිධානයේ සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය , මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා සභාපති ඇන්තනි ශනිල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය .

එක්සත් ජාතීන්ගේ සංවිධානය, WTO සහ WIPO යන සංවිධාන ත්‍රිත්වයම නියෝජනය කරන එකම වානිජ්‍ය මණ්ඩලය වන්නේද ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලය වන බවද ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය .

මාරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසාර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරන බවත් , ඒ අනුව ඇගේ සංචාරය හරහා මෙරටට ආයෝජන අවස්ථා රැසක් ළඟා කරගැනීමේ හැකියාවක් ද පවතින බවත් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය ..

රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක් බවද ඒ මහතා මෙහිදී සිහිපත් කළේය .

මාරියා මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇය ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට දක්වන කැපවීම නිසා ඇයට ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබෙන බවය . එපමණක් නොව ඇයගේ පුළුල් අත්දැකීම් හරහා ව්‍යාපාරික ආචාර ධර්ම සහ ආයතනික පාලන ප්‍රමිතීන් වෙනුවෙන් ඇය කැපවී කටයුතු කරන බවද ශනිල් මහතා පැවසීය .

ශනිල් ප්‍රනාන්දු මහතා

ශනිල් ප්‍රනාන්දු මහතා සභාපතිත්වය දරන මෙම ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවද , පසුගිය වසර 68 පුරාවට ,රට තුල ව්‍යාපාර වර්ධනය සහ ගෝලීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම අතින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකු, රක්ෂණ, පුහුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සේම බේරුම්කරණ ක්‍රියාවලිය තුලින්ද මෙම මණ්ඩලය රටට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටී . එසේම වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු හරහාද මෙම මණ්ඩලය මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි .

එසේම , බැංකු, රක්ෂණ, පුහුණු සහ අධ්‍යාපනය, මූල්‍ය, ජාත්‍යන්තර සබඳතා සහ සංචාරක සහ කෘෂිකර්මය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සහය, ව්‍යවසායකත්ව සංවර්ධනය ඇතුළුව රටේ පවතින සියලුම ක්ෂේත්‍රවල ව්‍යවසායන් වෙනුවෙන් වූ විශේෂිත කමිටු 10 ක් මෙම වානිජ්‍ය මණ්ඩලය සතුව ඇති බව එහි ලේකම් හේමකුමාර ගුණසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය .

ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිනියද ඇයගේ සංචාරයේදී , එම මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා මෙන්ම , ලේකම් හේමකුමාර ගුණසේකර, භාණ්ඩාගාරික මනීෂා රාජනායක සහ හිටපු සභාපති දිනේෂ් වීරකොඩි ඇතුළු නිලධාරීන් හමුවීමට නියමිතය .

ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා ආයතනික නීතීඥයෙකු සහ බේරුම්කරුවෙකු වේ. ඔහු , ඇන්ටන් ප්‍රනාන්දු ඇසෝසියේට්ස් නීති සමාගමේ හවුල්කරුද වේ . එසේම World Express CMB Ltd, Asian Logistics Park Ltd, AFA Corporate Services Ltd, හා Ceylon Port City Corporate Services Ltd යන සමාගම්ස වල සභාපතිවරයා වන්නේද ඒ මහතාය. ඔහු කොළඹ කොටස් වෙළෙඳපොළේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා