ඡන්ද නීති වෙනස් කරන්න අලුත් කොමිසමක්

Picture of අසංක

අසංක

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා නව කොමිෂන් සභාවක් පත් කර තිබේ.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් 09 දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් මෙලෙස පත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.

එහිදී කරුණු ගණනාවක් යටතේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.