විදෙස් රටවල සිට සංචාරකයින් සැලකිය යුතු පිරිසක් දිවයිනට පැමිණිම හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 3 යි 5 ක් ඉක්මවු ආදායමක් උපයා ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති ප්රියන්ත ප්රනාන්දු පැවසුවේ එම කාලය තුල සංචාරකයින් මිලියන 1 යි දශම 1ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි.
මේ හේතුවෙන් මෙම වසරේ අපේක්ෂිත ඉලක්කය අභිබවා සංචාරකයින් දිවයිනට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.