ලොව පළමු වරට ‘Timed Out’ දැවී ගිය ක්‍රීඩකයා මැතිව්ස්

Picture of අසංක

අසංක

කඩුල්ලක් දැවී ගිය පසු මිනිත්තු දෙකක් යනතුරු ක්‍රීඩා පිටියට නොපැමිණි වරදට දවාගත් ක්‍රිකට් ඉතිහාසයේ ලොව පළමු ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් බවට අද පත්විය.

කඩුල්ලක් දැවී ගිය පසු මිනිත්තු දෙකක් යනතුරු ක්‍රීඩා පිටියට නොපැමිණි වරදට ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට බංග්ලාදේශය අද(06) සමත්විය.

සධීර සමරවික්‍රම දැවී ගිය පසු පිටියට පැමිණීම ප්‍රමාද වූ බවට බංග්ලාදේශ නායකයා කළ ඉල්ලීමට අනුව විනිසුරුවරයා පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයට නැවත හරවා යැව්වේය.

හෙල්මටයේ පැවති වරදක් නිවරදි කර ගැනීමට මිනිත්තුවක කාලයක් ගතවීම නිසා මෙම දැවී යාම සිදුවිය.