නවතම පුවත්

Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක් වෙළෙඳපොළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ.

සබන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් පාරිභෝගිකයන්ට සුවිශේෂ අත්දැකීමක් ගෙන දෙමින් මෙම සබන් වර්ග මෙරට වෙ‌ළෙද‌පොළට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවි‌ශේෂ සබන් වර්ග තුනක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් UTN සමාගම් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා මෙලෙස සඳහන් කළේය. “අපේ සබන් වර්ග ශරීරය පිරිසිදු කිරීමට අමතරව කල් පවතින නැවුම් හැඟීමක් ඉතිරි කරනවා. ස්නානය කරන සෑම අවස්ථාවක්ම වින්දනීය මොහොතක් බවට පත් කර ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව සළසා දීම අපේ අරමුණයි.” “Enchanteur ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සුවිශේෂ ලෙස සළකනවා. දශක ගණනාවක් පුරා විවිධ නිෂ්පාදන රැසක් සමඟ දිගු කල් පවතින සුවඳක අත්දැකීම පාරිභෝගිකයන්ට සපයන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ මෙහෙවරේ දිගුවක් වශයෙන් දැරිය හැකි මිලකට මේ සබන් වර්ග වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්.” Wipro Unza Overseas සමාගමේ ව්‍යාපාර ප්‍රධානි අනිල් ගෞතම් මහතා සඳහන් කළේය. මෙම නිෂ්පාදන දිවයින පුරා වෙළෙඳසැල්වලින් දැන් මිල දී ගත හැකිය.

imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
Gas
ගෑස් මිල පහළට
flood
මහ වැස්සක් කරපු දෙයක්..
Westbury-Residencies-1
Westbury Residencies - Colombo 10ඉහළ අලෙවියක් වාර්තා කරයි
ANNI report 2023
2023 ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය එළිදකී