නවතම පුවත්

කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,905.72 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 13.17 කින් ඉහළ ගොස් ඒකක 3,495.06 ක් ලෙසින් සටහන් වුණි.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, හේලීස්, LOLC හෝල්ඩිංග්ස්, කාගිල්ස් සහ HNB යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී සමාගම් 122 ක කොටස් මිල ගණන් අද දින ඉහළ ගොස් තිබුණි.

රු. බිලියන 2.51 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි.

එහිදී සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදනෙු හරහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 400), LOLC ෆිනෑන්ස් (රු. මිලියන 318) සහ කැපිටල් එලායන්ස් (රු. මිලියන 150) යන සමාගම් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දීමට සමත්වූ සමාගම් විය.

අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.41 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.40 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 97 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 103 ක් ලෙසින් වාර්තා විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා