නවතම පුවත්

න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි.

එසේම යුද ගැටුම්වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට පැහැදිළිව පෙනීයන කරුණකි. 

මේ ආකාරයෙන් මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන් සහ රුසියාවෙන් ඊට අදාළව ඉල්ලීමක් කර ඇති බවටය.

ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවිපාලන නිලධාරී පෝල් ඩීන් විසිනි. 

ඔහු පවසන්නේ න්‍යෂ්ටික අවිආයුධවල පාලනය කෘත්‍රිම බුද්ධියට (AI) නොපවරා එය මිනිසුන් අතම තබාගැනීමට අමෙරිකාව දැඩි ලෙස කැපවී සිටින බවය. 

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයද එම කැපවීම ප්‍රකාශයට පත්කර ඇති බව ඔහු සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් චීනයෙන් සහ රුසියාවෙන්ද ඊට සමාන කැපවීමක් තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කළේය. 

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩයේ ස්ථීර සාමාජිකයින් ලෙස චීනයෙන් සහ රුසියාවෙන්ද එවැනි වගකිවයුතු ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන බව ඔහු කියා සිටියි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනා වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය සහ රුසියාවයි.

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් 5 හැරුණුකොට ඉන්දියාව, පාකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලයද න්‍යෂ්ටික අවි සංවර්ධනය කර තිබේ. 

එහෙත් ලෝකයේ මෙතෙක් නිපදවා ඇති බවට සැලකෙන 12,000 ඉක්මවූ න්‍යෂ්ටික අවිවලින් 11,600ක්ම අයත්වන්නේ ස්ථිර සාමාජික රටවල් 5ටය.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!