නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා නුදුරේදී මෙරට සේවාවන් ආරම්භ කරනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.

මේ වන විට ඒ සඳහා මූලික අනුමැතිය දී ඇති බවත් මහජන අඬ අදහස් විමසීමකින් අනතුරුව ඊළඟ පියවර ක්‍රියාත්මක කරන බවත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා පැවසීය.

මෙම සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 400ත් 600ත් අතර මුදලක් වැය වනු ඇති බවද මාසික ගාස්තුව ලෙස ඩොලර් සියයක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් සදහන් කරයි.

“starlink ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත කෙරෙන්නේ නැහැ.මේ ආයතනයට විදුලි සං‍දේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි. නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා. එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා. මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා. ‍ශ්‍රී ලංකාවේ දැනට පවතින ‍ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්‍රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි”

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)