නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මැතිතුමාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

දිවංගත මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ.ජී.හින්නිඅප්පුහාමි මැතිතුමා දවස සිට එම පවුල මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ ප්‍රමුඛතම දායකයෝ වූ බවත්,1960 සිට සෑම මාසයකම 12 වෙනදා අග්‍රශ්‍රාවක මහා විහාරයේ දානමය පුණ්‍ය කර්මය සිදු කළේ එම පවුල විසින් බව ද නා හිමියෝ පෙන්වා දෙති.අප ගුරුදේවෝත්තම හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමිපාණන් වහන්සේ කොතැනක වැඩ සිටියත් සෑම මකම දොළොස් වෙනිදා මැලිබන් නිවසේ දානය පිළිගැනීමට නොවරදවාම සහභාගිවීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයට වැඩම කිරීම උන් වහන්සේ අපවත් වන තුරුම නොකඩවා සිදුකළ බව බානගල නා හිමියෝ පවසති .


අග්‍රශ්‍රාවක මහා විහාරස්ථ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීමට පූර්ණ දායකත්වය දැක්වූයේ ද හින්නි අප්පුහාමි මැතිතුමා ප්‍රමුඛ මැලිබන් පවුලයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ සෑම කටයුත්තකදීම නොපිරිහෙලා ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ මැලිබන් පවුලේ වත්මන් මහා වෘක්ෂය වූ ඒ.ජී.රත්නපාල මැතිතුමන්ගේ අභාවය රට දැය සමය පිළිබඳ ආදරයක් ඇත්තා වූ සියලු දෙනාගේ ශෝකයට හේතුවක් බව ද එබැවින් අප සියලු දෙනා එක්ව රත්නපාල මැතිඳුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු යයි උන් වහන්සේ ඉල්ලා සිටිති.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)