වී මිලදී ගැනීම සඳහා රජය විසින් ප්රකාශිත මිල ගණන් සමග එකඟ නොවන බව ගොවි සංගම් තවදුරටත් පවසනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ගොවි සංගම් එකතු රජයට වී ලබා දිය හැකි මිල ගණන් ප්රකාශයට පත් කරන බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ.
රජය විසින් වී මිල ප්රකාශයට පත් කර ඇත්තේ ගොවි සංගම් සමග සාකච්ඡා නොකර බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.