මැයි මස 31 වැනි දා සිට සියලුම රාජ්‍ය ආයතනවලට ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම හා භාවිතය තහනම් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දීමක් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව කරුණු ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණ කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සැරසිළි සඳහා සහ දන්සැල් සම්බන්ධයෙන්ද ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
එම අධිකාරිය පැවසුවේ මිනිසා සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

