පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගැනීමට සී.අයි.ඩී.ය සැරසෙයි

Picture of අසංක

අසංක

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.

ඇවන්ගාඩ් ආයුධ නෞකාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඇවන්ගාඩ් ආයුධ නෞකාවට අදාළ ලියකියවිලි කිහිපයකට සමන් දිසානායක මහතා අත්සන් කර තිබීම ඔහු අත්අඩංගුවට ගැනීමට මුල්වී තිබේ.

එකල ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස සේවයේ නිරතව සිට ඇත.

ගයාන් කුමාර වීරසිංහ