මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු අද යළි අරඹා තිබේ.
සමූහ මිනීවලේ තෝරාගත් අස්ථි කොටස් සාම්පල 6ක් අමෙරිකාවට යැවීමට ද පසුගිය 25දා කටයුතු කොට තිබිණ.
ඒ රේඩියෝ කාබන් දින පරික්ෂාව සඳහා බව අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පවසයි.
මෙම සාම්පල අමෙරිකාවේ, ෆ්ලොරිඩාවේ මියාමිහි බීටා ඇනලිස්ටික් පර්යේෂණාගාරයට භාර දීමේ ක්‍රියාවලිය,අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබුණි.
මීට පෙර කාබන් දත්ත පර්යේෂණ සදහා යැවුණු අවස්ථාවලදී මතුවූ ගැටලු යළි මතුනොවීමටත්, වැදගත් විමර්ශනයක් වන මෙහි නිරවද්‍යතාව හා විනිවිදභාවය මෙන්ම පර්යේෂණවල විශ්වාසය ගොඩනැංවීම සදහාත් මෙම නිරීක්ෂණය සිදුකළ බව අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
මීට අදාළ පර්යේෂණ වාර්තාව ලබන මාසයේදී ලැබීමට නියමිත අතර ඉන්පසුව එය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අමෙරිකාවේ බීටා ඇනලිස්ටික් ආයතනය මෙම පර්යේෂණය සදහා තෝරාගෙන ඇත්තේ බොම්බ් ප්ලස් කාබන් 14 තාක්ෂණ ක්රමවේදයයි. එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් මෙන්ම එමගින් ශාක හා සත්වයන්ගේ කාල පරිච්ඡේද පහසුවෙන් අනුමාන කළ හැකි බව පැවසේ.
රේඩියෝ කාබන් දින පර්යේෂණයෙන් ලැබෙන වාර්තාව සහ විමර්ශන ප්‍රතිඵල මගින් මිනිස් ඇටසැකිළි 300ක පමණ මෙම ඇටසැකිළි ඓතිහාසික යුගයකට අදාළ ඒවාද නැතහොත් විවිධ කාල පරිච්ඡේයන්ට අදාළ ඒවා ද යන්න තීරණය කළ හැකි බව ද හෙතෙම සදහන් කළේය.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි