විදෙස් ආයෝජන සීමා පහළට – දේශීය ආයෝජකයන්ට වැඩි ඉඩක්

Picture of අසංක

අසංක

දේශීය ආයෝජකයින්ට වැඩි ඉඩක් ලබාදීම සඳහා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 5 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

දැනට එම සීමාව පවතින්නේ සියයට 10ක මට්ටමක වන අතර මුදල් මණ්ඩලය ගනු ලැබූ නව තීරණයත් සමඟ දේශීය ආයෝජකයින්ට දේශීය අරමුදල් වෙළෙඳ පොළේ මුළු වටිනාකමින් 95%කට ආයෝජන සිදු කිරීමට අවස්ථාව උදාවේ.

දැනට විදේශ ආයෝජන ලෙස දේශීය අරමුදල් වෙළෙඳපොළේ සියයට 03කට කිට්ටු ආයෝජනයක් වාර්තා වේ.

මේ ප්‍රමාණය තවත් සියයට 02කින් වැඩි කිරීමට මහ බැංකුව ඉඩහැර ඇත.

ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 828 ක ආයෝජන වාර්තා වේ.

එය මුළු ආයෝජනවලට සාපේක්ෂව සියයට 2.85ක් තරම් වේ.

තවත් රුපියල් මිලියන 625 ක තරම් මුදලක් විදේශ ආයෝජකයින්ට ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බවද වාර්තා වේ.

පැතුම් වික්‍රමරත්න