රනිල්ට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරිය ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණය හමුවේ අද දැනුම් දුන්නේ ය.

සිය ‌පෞද්ගලික හේතුවක් මත තමා අදාළ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරිය දැනුම් දුන්නා ය.

රාජ්‍ය ආයතන කිහිපයකට සේවාවන් සපයා මුදල් උපයනු ලබන සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන කොටස්කරුවකු රනිල් වික්‍රමසිංහ මහතා වන බැවින් ඔහුට පාර්ලිමේන්තු අසුනක් දැරීමට නොහැකිබව සදහන් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය අදාළ පෙත්සම ගොනු කර තිබුණි.

අදාළ පෙත්සම අද කැවනු ලැබුවේ දීපාල් විජේසුන්දර මහත්මිය සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

එම නඩුවෙන් දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වීම හේතුවෙන් ඒ වෙනුවට පත්කරන ලද වෙනත් අභියාචනාධිකරණ විනිසුරුවරයකු හමුවේ හෙට දින යළි සළකා බැලීමට නියමිතය.

ඉෂාර රත්නකාර