විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවේදී අද රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවී තිබේ.
එහිදී ක්‍රීඩකයන් ධෛර්යමත් කිරීම්ට හා ඔවුන්ගේ පසුපසින් රජයක් ලෙස සිට සහය දක්වන බවට ඒත්තු ගැන්වීම සඳහා මෙලෙස එරටදී හමුවූ බව හෙතෙම පවසයි.
තමන් ඕස්ට්‍රේලියාව බලා ගියේ තම පෞද්ගලික මුදල්වලින් මිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල්වලින් නොවන බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිල සමාජ ජාලය ඔස්සේ සඳහන් කළේය.
අමාත්‍යවරයා ඊයේ දිනයේදී ද ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් සමග එරටදී සාකච්ඡා කර තිබිණ.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි