නවතම පුවත්

සියවසකට පසුව ඇමෙරිකාවම හිමෙන් ගල්ගැසෙයි

අසංක

අසංක

වසර 100කට පමණ පසුව ඇමෙරිකාවට බලපා ඇති දරුණු ශීත කාලගුණය හේතුවෙන් එළිමහනේ සිටින නිවාස නොමැති පුද්ගලයන් සිය ගණනින් මියගොස් ඇති බව එරට වාර්තා පවසයි.

ඇතැමුන් මහමග, බස් නැවතුම්පොළවල, උද්‍යාන බංකුවල ආදියෙහි නින්දේදීම මියගොස් තිබෙන ඡායාරූප සමාජ ජාල කැළඹවීමටද පටන්ගෙන ඇත.

ඇමෙරිකාවේ එක්තරා නගරයක පුද්ගලයකු විසින් එලෙස නිවාස නොමැතිව මහමග සිටි පුද්ගලයන් 70 දෙනකු හෝටලයක නවත්වා සිය පෞද්ගලික මුදලින් ඔහු ඔවුන්ට පහසුකම් සපයන පුවතක් ද වාර්තා වුවත් ඔහුගේ අනන්‍යතාව හෙළිකර නොමැත.

ජනතාවට නිවසින් පිටතට නොයන ලෙසටත් එලෙස ගියහොත් මිනිත්තු කිහිපයකදී පමණ තුවාල ඇතිවිය හැකි බවටත් බලධාරීහු අනතුරු අගවා තිබේ.

මිලියන 25ක් පමණ මෙම අධි ශීත කාලගුණයන් පීඩා විදියි. ගුවන්වාර 4000ක් පමණ අවලංගු කර ඇත. දුම්රිය මාර්ග විදුලිය ආධාරයෙන් ගිනිතැබීම්වලට නිරන්තරයෙන් ලක්කිරීමට බලධාරීන්ට සිදුව ඇත්තේ එහි හිම දහනය කර දුම්රිය ධාවනයට මග සැලැස්විය යුතු බැවිනි.

මිචිගන්, ලෝවා, මිනිසොටා, ඉලිනොයිස්, විස්කොන්සින් ආදී ප්‍රදේශවල මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව එරට වාර්තා පවසයි.

මේ වනවිට එම ප්‍රදේශ ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60ක් දක්වා පහළ බැස තිබේ. එය උතුරු ඇන්ටාක්ටිකාවට වඩා අධි ශීතල තත්ත්වයක් බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මිචිගන් ඇතුළු අමෙරිකාවේ පිහිටි ඇළවල්, වැව් ගණනාවක් මුලුමනින්ම හිමෙන් මිදී ඇත.

අධික උණුසුම් ජලය එළිමහනට විසිකොට අයිස් වැස්සක් කඩාවැටෙන ඡායාරූප, වීඩියෝ සමාජ ජාල රැල්ලක් බවට ද පත්ව තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා