බිදවැටුනු ඕස්ට්‍රේලියානු ඉනිම බර්න්ස් – හෙඞ් ගොඩනගති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බෙරාහිදී අද (1 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ තේ පානය සඳහා තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ​කඩුලු කඩුලු 3 ක් දැවී ලකුණු 220 ක් රැස්කිරීමට සමත්විය.

ජෝ බර්න්ස් ලකුණු 107 ක් සහ ට්‍රැවිස් හෙඞ් ලකුණු 91 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 192 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට ඔවුන් සමත්වූහ.

ජෝ බර්න්ස් සිය සිවුවැනි ටෙස්ට් ශතකය පන්දු 147 කදී රැස්කිරීමට සමත්වූ අතර ඊට හතරෙ හතරේ පහර 16 ක් ඇතුළත් විය ට්‍රැවිස් හෙඞ් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 72 කදී ලබාගත් අතර ඊට අතරේ පහර 7 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දිවා ආහාරයට තරගය නතර කරනවිට ලකුණු 103 කට කඩුලු 3 ක් දැවී සිටි ඕස්ට්‍රේලියාව දිවා ආහාරයත් තේ පානයත් අතර කාලය තුළදී කඩුල්ලක් ලබානොදෙමින් ලකුණු 117 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් පස්දෙනෙකු යොදා ගත්තද ජෝ බර්න්ස් සහ ට්‍රැවිස් හෙඞ්ගේ සම්බන්ධතාවය බිඳහෙළීමට අපොහොසත් විය.

ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවූ විශ්ව ප්‍රනාන්දු සාර්ථක පන්දු යැවීමක නිරතවෙමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 15 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ වේගපන්දු යවන්නාවූ සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව සිටියද තරගය ආරම්භවන තෙක්ම ඔහුව ක්‍රීඩාකරවීමට ශ්‍රී ලංකා නායකයා බලාපොරොත්තු  තබා සිටියේය නමුත් ඒ අවස්ථාව සුරංග ලක්මාල්ගෙන් ගිලිහීයාම හේතුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට චාමික කරුණාරත්න සමත්විය.

ලකුණු 6 ක් රැස්කර සිටි මානස් ලබුස්චේන් පිටියෙන් ඉවත් කළ චාමික කරුණාරත්න සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගැනීමට සමත්විය.