වර්ථමාන රජය විසින් 2018 වර්ෂයේදී අධ්‍යාපනයට සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සදහා සමස්ථ අයවැයෙන් සියයට විසි පහක ප‍්‍රතිශතියක් වෙන් කිරීමට සමත් වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය
ඒ අනුව රජය විසින් රුපියල් බිලියන 318ක් මේ සදහා යෙදවා ඇති බවටද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බෙරලපනාතර විද්‍යාලයේ පසුගියදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සදහා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අවස්ථාවේදීය
අමාතත්‍යවරයා සිය ප‍්‍රකාශය සනාත කරමින් මෙලෙස අදහස් දැක්වීය “2018 වර්ෂයේ අධ්‍යාපනයට රුපියල් බිලියන 104ක් වියදම්කරලා තියෙනවා. එය මුළු අයවැයෙන් 4.82%ක් ඊට අමතරව පලාත් අධ්‍යාපනයට රුපියල් බිලියන 130ක් වෙන් කරලා තියෙනවා මුළු අයවැයෙන් 6%ක්, උසස් අධ්‍යාපනයට බිලියන 72ක් වෙන් කරලා තියෙනවා මුළු අයවැයෙන් 3.33%ක් ඒ වගේම වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනයට වෙන්කරලා තියෙනවා බිලියන 10.9ක්.
මුලු අය වැයෙන් 0.5%ක්. සම්පූර්ණයෙන් ගත් විට රුපියල් බිලියන 318ක් මුලු අය වැයෙන් 14% ක් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් වියදම් කරලා තියෙනවා විශේෂයෙන්ම සෞඛ්‍යක්ෂේත්‍රය ගත් විට පලාත් සහ ජාතික මට්ටමේ සෞඛ්‍යය ක්ෂේත්‍රය සදහා බිලියන 244ක් වියදම් කරලා තියෙනවා මුළු අයවැයෙන් 11.26%ක් අධ්‍යාපනයට 14% ක්සෞඛ්‍යයට 11%ක්. රජය විසින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සදහා අයවැයෙන් වෙන් කළ මුළු මුදල 25%ක්” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය