අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයකට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සමක් මේ මස 12 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.
අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අද සළකා බැලූ අවස්ථාවේදී එලෙස තීරණය කර ඇත.
මෙම පෙත්සම කොළඹ නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ගොනු කර තිබුණි.
මෙම පෙත්සම ඊයේ සළකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය දන්වා සිටියේ සිය පෞද්ගලික හේතුවක් මත අදාළ පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බවයි.
ඉෂාර රත්නකාර