නායයාමෙන් අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

Picture of අසංක

අසංක

ගිනිගත්හේන ප්‍රදේශයේ අද අලුයම සිදුවූ නාය යාමෙන් අතුරුදහන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තිබී සොයාගෙන ඇත.

ඒ යුධ හමුදාව පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදී යි.

අතුරුදන් වූයේ නායයාමට ලක් වු වෙළඳසැල් 10 න් මුළුතැන්ගෙයි උපකරණ අලෙවිසැල් හිමිකරු වූ අඹගමුව පදංචි කාල්ඩින් මෙහොමඩ් ජමල්දින් නැමති 64 හැවිරිදි අයෙකි.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත යවා තිබේ.