මඩකළපුව විශ්ව විද්‍යාලයේ හොර අල්ලන්න වොහාරික පරීක්ෂණයක් කරන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස් අධ්‍යාපනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ප්‍රශ්නගත මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වොහාරික විගණනයක් සිදුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලි සිටියි. හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් බවට සැලකෙන මෙම විශ්ව විද්‍යාලය නිතිවිරෝධී බවද උසස් අධ්‍යාපනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතා පැවසීය.

අද (19) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. අදාල විශ්ව විද්‍යාලය සදහා නිතිවිරෝධී ආකාරයෙන් ඉඩම් අත්පත් කර ගෙන ඇති බවත් ඒ පිළිබද නීතය දැඩිව ක්‍රියාත්මක කළයුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. “අපි ගෙන යන වැඩපිළිවෙල ජාතිවාදී ක්‍රියාවක් විදිහට ඇතැමුන් පෙන්වා දෙන්න හදනවා, ඒත් මෙය හුදෙක්ම නිතිවිරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණයක්. එමනිසා ජනතාව අපි කරන කාර්යයේ සැබෑ අරමුණ අවබෝධ කරගැනීම වැදගත්. වෙනත් ඉඩමකින් පොල් ගෙඩියක් කැඩුවත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය අපි දන්නවා ඒ නිසා මෙවැනි බරපතල නීතිවිරෝධී කියාවන්ට එරෙහිව නීතිය දැඩි ක්‍රියාත්මක කර අදාල වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලබා දියුතුයි,” යනුනේ ඔහු ප්‍රකාශ කළේය.