දුම්රිය ඇණියට අලුත් යකඩ යක්කු එක්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්රිය දෙපාර්තමේන්තුවට  S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වු බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබේ. ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේය.

මෙසේ ඉන්දයීය ණය ආධාර යටතේ මෙරටට ඇණවුම් කෙරෙන මුළු ද්විත්ව බලවේග කට්ටල ගණන 6කි. M 11 එංජින් (Locomotive) 10ක් ගෙන්වීමට අපේක්ෂිත අතර අද ගොඩබෑ එංජින් සමඟ ඉන් 4ක් මේ වන විට මෙරටට ගෙන්වා තිබේ. 

තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් තවත් සති 03ක් ඇතුලත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ලගා වීමට නියමිත බව අමාත්‍යංශය සදහන් කරයි.

මීට අමතරව චීනයෙන් ඇණවුම් කළ උඩරට මාර්ගයේ ධාවනයට යෙදෙන S 14 බලවේග කට්ටල 9ක් ගෙන්වීමට අපේක්ෂෂිතය. එම බලවේග කට්ටලවල පළමුවැන්න චීනයේ ෂැන්ඩාවෝ වරායේ සිට කොළඹ වරාය වෙත ඉදිරියේදී ‌සේන්දු වනු ඇත.