බදියුදීන්ගේ තවත් කුප්‍රකට වංචාවක් හෙළිදරව්වේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරය සමග විවිධ චෝදනා වලට ලක්ව පසුගියදා ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන්ගේ තවත් වංචාවත් ද කලම්බෝ එක්ප්‍රස් වෙබ් අඩිවියට වාර්තා වෙනවා ඒ අනුව

බදියූදීන් මන්ත්‍රීවරයා තමන්ට සහ තමාගේ බිරිදට අයත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 02 පවා ඔහු දේශපාලනයට පැමිණි මුල් කාලයේ වෙනත් යුවලකට රුපියල් ලක්ෂ 05ට විකුණා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

2004 වසරේ රිෂාර්ඩ් බදියුදීන් මහතා ඔහුගේ සහ බිරිදගේ ගුවන් ගමන් බලපත්‍ර විකුණා ඇති අතර එය මිලදී ගත් යුවළ එංගලන්තයට යාමට පැමිණිමේදී කටුනායක ගුවන් තොටුපලේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අංඩගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. එම රාජ්‍ය තාන්ත්‍රික බලපත්වල එංගන්තයට විසා තිබි ඇත.

මේ සම්බන්ධයෙන් රිෂාර්ඩ් බදියුදීන් අත්අංඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ක්‍රියා කලද එකල පැවති දේශපාලන අධිකාරිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම වලකා ඇති බව ද කලම්බූ එක්සප්‍රස් වේබ් අඩවියට වාර්තා වේ.

එදා අත්අඩංගුවට ගත් එම සැකකාර යුවළට රුපියල් 50,000 ක දඩයක් හා  නියම කර තිබේ. ඒ අතරම එම යුවළ අදටත් පුත්තලමේ වාසය කරන අතර ඔවුන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිළධාරීන් අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි. මේ සම්බන්යෙන් ඇති ලිපිගොනුවද අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුව යටතේ සුරක්ෂිතව ඇති බවත් ද කලම්බෝ එක්ස්ප්‍රස් වේබ් අඩවියට වාර්තා වේ.