වෛද්‍ය ෂාෆි ඇප මත නිදහස්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෛද්‍ය මොහොමඩ් ෂාෆි රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා. මේ අනුව ඔහුට සෑම සතියකම ඉරිදා දින අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනි සිටිමටද අධිකරණය නියෝග කලා.

ඒ, අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවූ අවස්ථාවේදීයි.