කුණු කන්ටේනර් ගැන හොයන්න පරිසර අධිකාරියත් එයි

Picture of අසංක

අසංක


බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම කන්ටේනර්වලින් දැඩි දුඟදක් වහනය වීම හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මේ පියවර ගත් බව එම ඒකකයේ ප්‍රකාශකයකු පැවසීය.

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් කොළඹ වරායේ පවතින බව ද ඔහු මාධ්‍ය වෙත අද (26) පැවසුවේ ය.