සහරාන්ට මුදල් සැපයූ ජිහාඩ් ත්‍රස්තයෝ 3ක් සිංගප්පූරු පොලීසියේ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ට අරමුදල් සැපයූ සැකකරුවෙකු ඇතුළු සිංගප්පූරු ජාතිකයන් තිදෙනෙකු හෙට (27) දින සිංගප්පූරු අධිකරණයට ඉදිර්පත්කිරීමට නියමිතව ඇත.

සිංගප්පූරුවේ ජිහාඩ් සංවිධානයට සහයෝගය දැක්වීම හා ඔවුන් සමඟ සටන් කිරීමට සැලසුම් කිරීම යන චෝදනා යටතේ මෙම තිදෙනා සිංගප්පුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

සහරාන්ට මුදල් ආධාර ලබාදුන් පුද්ගලයා කුතුබ්දීන් හජා නජමුදීන් නමවන අතර ඔහු සති කිහිපයක් තිස්සේ එරට පොලිස් අත්අඩංගුවේ සිටින බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර ඇත.