එංගලන්තෙන් කුණු ගෙන්වූ අයට මංගල අපරාධ නඩු පවරන්න යයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට විදේශිය කසළ ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කළ හැකි දැයි සොයා බලන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (26) ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඒ පිළිබඳව අවශ්‍ය කරනු විමසා බලන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇති බවද මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය

කසළ කිලෝග්‍රෑම් 964,000ක් මේ අයුරින් ගෙන්වා ඇති බවත්, එය බාසල් සම්මුතියට බරපතළ ලෙස පටහැනි බවත්, විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

වරායේ ඇති කන්ටේනර් 111ක් ආපසු යැවීමට පියවර ගන්නා ලෙස සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනා ගත් වැරදිකරුවන්ට රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව නීතිමය පියවර ගන්නා බව ය.

හේලීස් ආයතනයේ ඇති කසළ තොගය එලෙසම තබා ගැනීමට අධිකරණ නියෝගයක් ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

ඔහු අවධාරණය කළේ, මෙම කසළ ගෙන්වීමේ සිදුවීම බරපතළ අපරාධයක් ලෙස තමා සලකන බව ය.