ඔල්වරසන් හඩින් කෙත්තාරාමය ගිගුරුම් කද්දී සංවේදී වූ මාලිංග

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලසිත් මාලිංග ක්‍රීඩා කරන් අවසන් තරගය නැරඹීමට ලංකාවේ සිව්දිගින්ම ප්‍රේක්ෂකයන් පැමිණි සිටි බව මට පසක් විය. මේ හැමදෙනාගේම එකම එක බලාපොරොත්තුවක් විය එනම් පළමු එක්දින තරගය සුවිශේෂි ලෙස ජයග්‍රහණය කරමින් මාලිගේ අවසන් තරගය ජයග්‍රහණයකින් නිමා කර උපහාරයක් වීමයි.

මේ තරගය අවසානයේ ලසිත් මාලිංගගේ කතාවෙන් උපුටා ගත් කොටසකි.

2008 දී මගේ පාදයේ ආබාදය ඇති වූ විට එය සුව කර ගන්න මට සහය උන එකම කෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමයි.එතුමා එලියන්ත වයිට් වෛද්‍ය තුමා හරහා මාව සුව කලේ නැත්නම් ලසිත් මාලිංග කෙනෙක් මෙතන නෑ…

මමත් මගේ පවුලේ සැමත් ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිදුන්ට පිං දෙනවා.

ලසිත් මාලිංග.
26.07.2019.
ආර්.ප්‍රේමදාස පිටියේදී.