රිෂාද්ගේ පක්ෂයේ නි. නායකයා ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක


ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ඒ.එම්. ජෙමීල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායකවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බවද වාර්තාවේ.

පක්ෂය කියාකාරකම් පිළිබඳව ඇතිවූ කලකිරීම හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වන බව එම ලිපියේ ජෙමිල් මහතා සඳහන් කර ඇත.