ජම්බුගස්මුල්ලේ ඝාතන සැකකරු ඩුබායිහි දී කොස්ගොඩ සුජීට එක්වෙයි

Picture of අසංක

අසංක

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකු ඝාතනය කොට තවත් අයකුට බරපතළ තුවාල සිදුකොට රටින් පැනගිය ජම්බුගස්මුල්ලේ බබී නමැත්තා ඩුබායිහි දී කොස්ගොඩ සුජී නම් පාතාල නායකයා සමග එක්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි.

දිනේෂ් සමන්ත හෙවත් ජම්බුගස්මුල්ලේ බබී නමැති මොහු ඝාතනය සිදුකිරීමට ගොස් ඇත්තේ කොස්ගොඩ සුජීගේ ගෝලයකු සමග ය.

එම ගෝලයා අම්බලන්ගොඩ පදිංචිකරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි වාර්තා වේ.

බබී නමැත්තා ද පාතාල සාමාජිකයකු බව සඳහන් ය.