ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානය හදන්න මෛත්‍රී-මහින්ද හමුවක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව නව සංධානයක් ගොඩනැගීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවම් ඉදිරි දින දෙක ඇතුලත පැවැත්වීමට නියමිතය.

එම පක්ෂ දෙකෙහිම කෘත්‍යාධිකාරී මණ්ඩලයන් විසින් නව මෙම සන්ධානය පිලිබඳ අවසන් තීරණය ගැනීමේ සම්පූර්ණ බලය, පක්ෂ නායකත්වයට ලබාදී ඇත.

සන්ධානයේ නම හා ලාංජනය පිළිබඳවත් , ජනපති අපේක්ෂකයා පිළිබඳවත් මෙම හමුවේදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තවේ.

එසේම සන්ධානයේ පාලන කටයුතු සඳහා පූර්ණ බලැති විධායක කමිටුවක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත.