ජපුර උපකුලපතිට කලාපීය තනතුරක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායමේ කලාපීය නියෝජිත ලෙස ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා තේරීපත්වී ඇත.

අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායම බංග්ලාදේශ, ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලින් සමන්විත වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ මෙවර හමුවේදී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ලෙස යෝජනා වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ කලාපයේ අනෙකුත් විශ්ව විද්‍යාලවල නියෝජිතයකු ලෙස ඒ අනුව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල සහ කලාපයේ සියලු විශ්ව විද්‍යාල පොදුරාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජික විශ්ව විද්‍යාල වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමය ලොව පැරැණිතම විශ්ව විද්‍යාල ජාලයක් ලෙස සැළකෙන අතර එය ආරම්භ කෙරුණේ 1913 වසරේදීය. රටවල් 53ක විශ්ව විද්‍යාල 500කට වැඩි සංඛ්‍යාවක් මෙම සංගමයේ සාමාජිකයෝ වෙති. මෙම සංගමය පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සම්බන්ධ කරමින් දැනුම පදනම් කරගත් ලෝකයක් සඳහා සහයෝගය දක්වයි.