ජීවීන් සිටියහැකි පෘථිවියට සමාන ‘සුපිරි පෘථිවියක්’ සොයාගනී

Picture of අසංක

අසංක

ජීවයක් ඇතැයි විශ්වාස කළ හැකි පෘථිවියට ආසන්නයේ පිහිටි ‘සුපිරි පෘථිවියක්’ තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

එය පෘථිවියට ආලෝක වර්ෂ 31ක් පමණ දුරින් පිහිටා ඇති අතර පෘථිවිය මෙන් දෙගුණයක් විශාල ය.

නාසා ආයතනයේ ටෙස් චන්ද්‍රිකාව හෙවත් කක්ෂයේ ග්‍රහ තාරකා පිළිබද සොයාබැලීමේ චන්ද්‍රිකාව විසින් මේ බව සොයාගෙන තිබේ.

නව ග්‍රහයා නම් කර ඇත්තේ GJ 357d ලෙසයි.

එහි ස්කන්ධය පෘථිවිය මෙන් 6 ගුණයක් වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එහි වටප්‍රමාණය පෘථිවිය මෙන් දෙගුණයක් බවට සැළකේ.

මෙම ග්‍රහයා වාසයට සුදුසු ස්ථානයක් බවටත් එහි මතුපිට ජලය ඇති බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති.

නව සුපිරි පෘථිවිය තවත් ග්‍රහ තාරකා දෙකක් සමග කක්ෂගතව ඇත්තේ එම ග්‍රහයාගේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ වන අපගේ සූර්යයා වැනි නමුත් කුඩා තාරකාවක් වටා ය.

සුපිරි පෘථිවියේ එම සූර්යයා අපගේ සූර්යයාට වඩා 40%කින් සිසිල් ය.

මෙම සූර්යයාගෙන් ආලෝකය විහිදෙන්නේ දින 3.9කට වරක් බව ටෙස් චන්ද්‍රිකාව අධ්‍යනය කර තිබේ.

එම සූර්ය තාරකාව GJ 357b ලෙස නම් කර ඇත.

අපගේ සූර්යයා හා අසලම පිහිටි බුධ තාරකාවට වඩා එම සූර්යයා හා ඒ අසලම ග්‍රහයා පිහිටා ඇත්තේ 11 වාරයක් සමීපයෙනි.

GJ 357b සමීපපයෙන්ම පිහිටි ග්‍රහයාගේ උණුසුම සෙල්සියස් අංශක 254ක් බවට අනුමාන කෙරේ.