තුන්කෝටියකට ආසන්න රන් දම්වැල් ගුවන් තොටෙන් අල්ලයි

Picture of අසංක

අසංක

බැංකොක් සිට නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රන් කිලෝ 4 1/2ක් හා ලාංකිකයන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම මොවුන් රත්‍රන් රැගෙනවිත් ඇත්තේ දම්වැල් ලෙසින් සකස් කරන ලද රත්‍රන් තොගයකි.

එහි වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වේ.

සැකකරුවන් නිට්ටඹුව, ගම්පහ, ගල්කිස්ස, කිරිඳිවැල පදිංචිකරුවන් ය.