BREAKING NEWSExpress Gossipදේශපාලනදේශිය


Share now!

අතුරුදන් ව සිටින තම සැමියා වන ජනතා විමුක්ති නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා චිත්‍රාංගනි විජේවීර මහත්මිය ගොනු කල පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය නියෝගය කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හා අර්ජුන ඔබේසේකර මහතා විසින් අදාල නියෝගය නිකුත් කර තිබේ. රෝහණ විජේවීර මහතා 1989 වසරේ දී රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බවත් නමුත් මේ දක්වා වසර 30 කාලයක් අතුරුදන්ව සිටින බව පෙත්සම්කාර චිත්‍රාංගනි විජේවීර මහත්මිය එලෙස අතුරුදන්ව සිටින තම සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමේ නියෝගයක් රජයට නිකුත්කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ අදාල නියෝගය ගැනීමට සාධාරණ පදනමක් නොමැති බව තීරණය කරමින් අභියාචනාධිකරණය අදාල නියෝගය ප්‍රතික්ෂේප කලේය.

ඉෂාර රත්නකාර