BREAKING NEWSCorona Live Update


Share now!

ඇදිරි නීතිය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා පිහිටි ඔසු සල් වීවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ මේ වන විට රෝහල් කාර්ය බහුලත්වයට පත්ව ඇති බැවින් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඹෟෂධ මිලදී ගැනීම පහසුව තකාය.

ඒ අනුව ඔසු සල් වෙත යන පුද්ගලයින්ට ඇදිරි නීතිබලපත්‍රය ලෙස රෝග විනිෂ්චය කාඩ්පත හෝ ඹසු සල් වලින් ඹෟෂධ ලබා ගැනීමට වෛද්‍යවරයා විසින් ලබාදෙන ඹෟෂධ වට්ටෝරුපත ප්‍රමාණවත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඔසු සල් වෙත ඖෂධ ප්‍රවාහනය කිරීමේ කටයුතු පවා බාධාවකින් තොරව සිදු කිරීමට ක්‍රමවේදයක්ද මේ වන විට ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවැසීය.