ලංකාව තවම කොරෝනා සමාජ ව්‍යාප්තියට ඇවිත් නෑ – MRI

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තවමත් කොරෝනා වෛරස් සමාජ ව්‍යාප්ති මට්ටමකට පැමිණ නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර සිටී .

රෝගීන් හමුවීම පිලිබඳ සම්බන්ධතාවය තවදුරටත් හඳුනාගැනීමේ හැකියාව මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති බවත් ඒ අනුව සමාජ සම්ප්‍රේෂණ මට්ටමට මෙරට ළඟාවී නොමැති බවත් ඒ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට මේ වනවිට සමාජ සම්ප්‍රේෂණයක් සිදුවීමට බොහෝ ආසන්නව පවතින බවද ඒ මහතා මෙහිදී පැවසීය

ඒ අනුව ඉදිරියේදී අපේ රට විවෘත කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුකල යුතු බව ඒ මහතා පැවසීය