රුසියාවේදී කොරෝනා ගැන ‘අතිශය වැදගත් සොයාගැනීම්’ කළ චීන මහාචාර්යවරයා ඝාතනය කෙරේ

Picture of අසංක

අසංක

රුසියාවේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ කොවිඩ් -19 පිළිබඳ “ඉතා වැදගත් සොයාගැනීම්” ගණනාවක් පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටි මහාචාර්යවරයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

විශ්ව විද්‍යාලයෙන් ලැබෙන තොතොරතුරුවලට අනුව සති අන්තයේ මෙම සිදුවීම දැනගන්නට ලැබී ඇත්තේ සියදිවි හානිකරගැනීමක් ද සමගිනි.

පර්යේෂණ සහකාර මහාචාර්යවරයෙකු වූ බිං ලියු ලෙස මොහු හඳුනාගෙන තිබේ.

නිවසේදී මහචාර්යවරයාගේ හිසට, බෙල්ලට, පාදයට ආදි ස්ථාන කිහිපයකට වෙඩි වැදී ඇති බව රොස් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

නාඳුනන දෙවන පුද්ගලයෙකු ද සිය මෝටර් රථය තුළ මියගොස් සිටියදී හමුවී තිබේ.

ඔහු මහාචාර්යවරයා වෙත වෙඩිතබා ඝාතනය කොට මෝටර් රථයට පැමිණ සිය දිවි නසා ගෙන ඇති බව විමර්ශකයෝ විශ්වාස කරති.

පොලිසිය විශ්වාස කරන්නේ ඝාතකයා සහ මහාචාර්යවරයා එකිනෙකාව දැන සිටි බවයි.

නමුත් “ලියු චීන ජාතිකයෙකු වීම නිසා ඉලක්කයක් තිබූ බවට ඇති ඇඟවීම ඉතා අවම බව” රහස් පරීක්ෂක සැරයන්. බ්‍රයන් කොල්හෙප් පවසා තිබේ.

විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පිටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයයේ සිටි දක්ෂතම පර්යේෂකයෙකු සහ ප්‍රශංසනීය සගයකු වූ බිං ලියුගේ ඛේදජනක මරණය ගැන අතිශයින් කණගාටුවට පත්වන බවයි.

“SARS-CoV-2 ආසාදනයට යටත් වන සෛලීය යාන්ත්‍රණයන් සහ එහි සංකූලතාවල සෛලීය පදනම අවබෝධ කර ගැනීම සඳහා බිං ඉතා වැදගත් සොයාගැනීම් කරමින් සිටි” බව විශ්ව විද්‍යාලයේ පරිගණක හා පද්ධති ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් ඔවුන්ගේ හිටපු සගයා කැපී පෙනෙන පර්යේෂකයෙකු හා උපදේශකයෙකු ලෙස හඳුන්වන අතර ලියුගේ පර්යේෂණ “ඔහුගේ විද්‍යාත්මක විශිෂ්ටත්වයට ගෞරව දැක්වීමේ උත්සාහයක් ලෙස” සම්පූර්ණ කිරීමට ප්‍රතිඥා දී තිබේ.